2007 සිට 2013 වසර දක්වා පැවැති අ.පො.ස. (සා.පෙළ) විභාගයේදී පළමු ප්‍රශ්න පත්‍රයේ තිබූ ප්‍රශ්න වලින් එක් එක් පාඩමට අදාළව අසා ඇති ප්‍රශ්න සංඛ්‍යාව පිළිබඳව විමසා බැලීමක පළමු උත්සාහයයි මේ. 10 හා 11 හ්රේණිවල සියළුම ඒකකවලින් සාමාන්‍ය පෙළ විභාගයේදී අසා ඇති ප්‍රශ්න සංඛ්‍යාවන් පිළිබඳව යම් දළ අවබෝධයක් ලබා තිබීම විභාගය සඳහා සූදානම්වන ඔබට විශේෂ වාසියක් අත් කර දෙනු නිසැකය.
2014 උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සියළු දරුවන්ට උසස් ලෙස විභාගයෙන් ජය ගැනීමට හැකියාව ලැබේවා .....
|
ආදරණීය හිතවතුනි,තොරතුරු තාක්ෂණය යනු ලෙහෙසියෙන් ආවරණය කර ගත හැකි දෙයක් නොවේ. එසේ වන්නේ මෙය දිනෙන් දිනම , තත්පරයක් පාසාම අලුත් වන බැවිනි. ශ්‍රී ලංකාවේ අපට මෙය තවත් අසීරු වන්නේ සිංහල මාධ්‍යයෙන් මේ පිළිබඳව ලියවී ඇති පොත පත ද හිඟ බැවිනි. මෙහිදී තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම සඳහා අප විසින් කල යුතු වන්නේ දන්නා දේ සඟවා ගැනීම නොව එය අන් අය සමඟ බෙදා හදා ගැනීමය.
මෙම ක්ෂේත්රයට අයත් බොහෝ තොරතුරු මෙම වෙබ් අඩවියෙන් නොමිලයේම ඔබට ලබා ගත හැක. එයට අතිරේකව මෙම විෂය පිලිබඳ ඔබට ඇති සියලු ගැටළු සඳහා පිළිතුරු සැපයීමටද අප බලාපොරොත්තු වන අතර Contact Us මත ක්ලික් කිරීම මඟින් ඔබට අප සම්බන්ධ කර ගත හැක.පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අවශ්‍ය සියලු සටහන්, විද්‍යුත් ප්‍රදර්ශක ආදිය නොමිලයේ බාගත කිරීමේ පහසුකම් මෙම වෙබ් අඩවියේ ඇත. මෙහි සාමාජිකත්වය නොමිලයේ ලබාගෙන සියලු වාසි අත් විඳින ලෙස ඔබට ඇරයුම් කරමු. පරිගනක ඒකක පාලනය සඳහා නව ක්‍රමවේදයක්
මෙතෙක් කලක් පරිගනක ඒකකය පුරා දිව ගොස් කරන ලද පාලනයෙන් මිදී එම කටයුත්ත පරිගනක මෘදුකාංගයකට බාර දීමට ඔබත් කැමති නම් ඒ පිළිබඳව විස්තර දැන ගැනීමට කොටසට පිවිස ඉල්ලීමක් කරන්න. |
කුණාටු සුළි සුළං ඇවිත්
ගහකොළ පෙරළාවි මුල හොඳනම් ගසක් ළඟදි කුණාටු පරදීවී කා හටත් වරදී
|
97._wasanthaye_mal.mp3 | |
File Size: | 3145 kb |
File Type: | mp3 |
keyman_6.0_e.zip | |
File Size: | 7690 kb |
File Type: | zip |
test
Photoshop (Ver. 7.0) හඳුනා ගනිමු.
තාර්කික ද්වාර
විද්‍යුත් සංඥා එකක් හෝ කිහිපයක් ඇතුළත් කළ විට සම්මත විද්‍යුත් සංඥාවක් පිටතට ලබා දෙන විද්‍යුත් පරිපථයක් තාර්කික ද්වාරයක් ලෙස හැඳින්වේ.තව දුරටත් කියවන්න
තොරතුරු පද්ධති
තොරතුරු පද්ධතියක් යනු යම්කිසි නිශ්චිත කාර්යයන් ඉටු කර ගැනීම සඳහා එම කාර්යයන්ට අවශ්‍යවන නිශ්චිත ක්‍රියාවලි සිදු කරන, එකිනෙකට සම්බන්ධතාවයක් ඇති විවිධ සංඝටකයන්ගේ එකතුවකි.
තව දුරටත් කියවන්න පරිගණක ඉතිහාසය
පසුගිය ප්රශ්නපත්රදත්ත පාදකපරිගණක මෙහෙයුම් පද්ධති
පරිගණක මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයන් වනුයේ පරිගණක මෘදුකාංග සහ දෘඪාංග කළමනාකරණය කර දෘඩාංග සහ මෘදුකාංග සහ මෘදුකාංගවල ඇති සංකීර්ණ බව
භාවිත කරන්නන්ගෙන් සඟවා පරිශීලකයන්ට එම සම්පත්වලට ප්‍රවේශ වීමට අතුරු මුහුණතක් සැපයීම යි. එමෙන් ම පරිගණක පද්ධතියකට අයත් සියලූ ම උපාංග එ්කාබද්ධ ව ක්‍රියාකිරීම මගින් එ්වායේ උපරිම ඵලය ලබා ගැනීම සඳහා යොදවා ගැනීම ද පරිගණක මෙහෙයුම් පද්ධතියෙහි කාර්යභාරයකි. මෙහි දී ක්‍රමලේඛ (Program ක්‍රියාත්මක වීම වැනි අභ්‍යන්තර තොරතුරු, මෙහෙයුම් පද්ධතිය මගින් පිටතට පෙන්නුම් නොකරන අතර පරිගණකය භාවිත කරන්නාට පහසු මිත්‍රශීලි අතුරු මුහුණතක් පිටතට පෙන්නුම් කරයි. තව දුරටත් කියවන්න පරිගණක භාෂා
|
සංඛ්‍යා පද්ධති සහ තාර්කික ද්වාර සඳහා අභ්‍යාස පත්‍රිකාවක්
අපි හැමෝටම ඕනවෙන 2005/29 චක්‍රලේඛනය
ආයතන සංග්‍රහය ලබා ගැනීමට අවශ්‍යද? එසේ නම් මෙතනින් ඉල්ලීමක් කරන්න.
පාසල් තුලට ජංගම දුරකථන රැගෙන ඒම වළක්වාලන චක්‍රලේඛනය මෙතනින්
පුංචි ඔබට ඉංග්‍රීසි ළමා කතා 50 ක් මෙතනින් ගන්න.
2013 පිළියන්දල අධ්‍යාපන කලාපයේ තොරතුරු තාක්ෂණ සම්මන්ත්රණ ප්‍රශ්නපත්‍රය හා පිළිතුරු පත්‍රය මෙතනින් ගන්න..
2013 බස්නාහිර පළාත් 3 වන වාර පරීක්ෂණයේ 11 වන ශ්‍රේණියේ ICT පිළිතුරුපත්රය මෙතනින් ලබා ගන්න.
2013 බස්නාහිර පළාත් 3 වන වාර පරීක්ෂණයේ 11 වන ශ්‍රේණියේ ICT දෙවන ප්‍රශ්න පත්‍රය මෙතනින් ලබා ගන්න.
2013 බස්නාහිර පළාත් 3 වන වාර පරීක්ෂණයේ 11 වන ශ්‍රේණියේ ICT පළමු ප්‍රශ්න පත්‍රය මෙතනින් ලබා ගන්න.
නිදහස් අධ්‍යාපනයක් පවතින ශ්‍රී ලංකාවේ වසරකට නිදහස් අධ්‍යාපනය උදෙසා වැය කෙරෙන මුදල රුපියල් බිලියන ගණනකි. රටක් ලෙස ගත් කල මෙය කිසි ලෙසකින්වත් අනවශ්‍ය වියදමක් නොව අනාගත ආයෝජනයකි. වර්තමාන අධ්‍යාපනය අනාගත ලොව ගොඩනගන බලවේගය වීම මතම මේ පිළිබඳව විමර්ශණාත්මක අධ්‍යයනයන් සිදු කෙරෙන වාර ගණනද වැඩි විය යුතුය.
මෑතක සිට පාසල් විෂය මාලාවට හඳුන්වා දුන් තොරතුරු තාක්ෂණය පාසල් පද්ධතිය තුළ අති සීඝ්රයෙන් ව්‍යාප්ත වී යනු ඇතැයි මුලදී උපකල්පනය කළත් පසුව එය එතරම්ම යථාර්ථයක් නොවන බවද පෙනී යයි. හුදෙක් විෂයයක් ලෙස තොරතුරු තාක්ෂණය සිසුන්ට ඉගැන්වීම හැරුණු විට තොරතුරු තාක්ෂණික වටාපිටාවක් පාසල තුළ ඇති කරන්නට පාසල් පද්ධතිය අසමත්ව ඇති බව පෙනී යයි. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ පාසලක් තුළ තොරතුරු තාක්ෂණය භාවිතයෙන් සිදු කළ හැකි ක්‍රියාවලීන් මෙන්ම සිදු කෙරේයැයි අපේක්ෂිත කාර්යයන් පිළිබඳ කතිකාවතක් ඇති කිරීමය.තව දුරටත් කියවන්න EXCEL 2010 PRODUCT GUIDEදත්ත පිළිබඳ හැඳින්වීමක් |